බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික මුදල් අංශය, එය වර්තමානයේ ඉටු කළ යුතු කාර්යභාරය වඩා සඵලදායකව ඉටුකිරිම පහසුවනු වස් පහත සඳහන් පරිදි ඒකක 02 ක් යටතේ ප්‍රතිස්ථාපනය කර ඇත.

  • මුදල් ශාඛාව
  • ප්‍රසම්පාදන ශාඛාව

ඒ අනුව මෙම එකිනෙක ශාඛාවලින් සිදු කරන කාර්යභාරය පහත දක්වා ඇත.

කාර්යක්ෂම ගෙවීම් පද්ධතියක් හරහා නිවැරදි වූ මූල්‍යමය තොරතුරු වාර්තාකරණය

අමාත්‍යාංශයේ දැක්ම වන, “තිරසර ලෙස සංවර්ධනය වු ශ්‍රී ලංකාවක් ” යන සංකල්පය තුළ ප්‍රශස්ත ලෙස සාධනීය ප්‍රතිඑල අත්පත් කරගැනීමේ කාර්යයන්ට අදාලව සැලසුම්කරණය සිදුකරනු ලබයි.

සංස්කෘතික කටයුතු විෂයට යටතේ අනුබද්ධිත දෙපාර්තමේන්තු/ ආයතනයන්ට අදාළ ප්‍රතිපත්ති, සැලසුම් වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසුවිපරම හා ඇගයීම් කටයුතු ප්‍රධාන ලෙස සිදු කෙරේ.

අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු/ ආයතනයන්හි හා සංස්කෘතික මධ්‍යස්ථානවලද තොරතුරු ඇතුලත් දත්ත ගබඩාවක් යාවත්කාලීනව පවත්වා ගනිමින් එම තොරතුරු අදාල අංශ අතර හුවමාරු කිරීමද සැලසුම් අංශය මඟින් සිදුවේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික පාලන අංශය යටතේ, එය වර්තමානයේ ඉටු කළ යුතු කාර්යභාරය වඩා සඵලදායකව ඉටුකිරිම පහසුවනු වස් පහත සඳහන් පරිදි ශාඛා 04 ක් ප්‍රතිස්ථාපනය කර ඇත.

අතිරේක ලේකම් ( පාලන) , ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හා සහකාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයන්හි ආයතනික හා පරිපාලනමය අධීක්ෂණ කටයුතු.

අංශය මගින් ලබාදෙන සේවාවන්

  • සංස්කෘතික මධ්‍යස්ථානයන්හි සේවය කරන සියලුම නිලධාරින්ගේ පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම වැටුප් නඩත්තු
  • වැටුප් වර්ධක සැකසීම
  • කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම
  • වැටුප් පරිවර්තන සැකසීම
  • ආපදා ණය, දේපල ණය, උත්සව අත්තිකාරම් අනුමත කිරීම
  • නිවාඩු, විදේශ නිවාඩු ඇතුළුව අනුමත කිරීම අග්‍රහාර රක්ෂණවරණ
  • විදුලි බිල්පත් ගෙවිම් කටයුතු
  • සේවය සනාථ කිරීමේ ලිපි නිකුත් කිරීම
  • විශ්‍රාම වැටුප් සම්බන්ධ සියලුම කටයුතු
  • බදවාගැනීමේ පටිපාටි උෂස්වීම් සකස් කිරීම
  • වාර්ෂීක ස්ථාන මාරු

කාර්ය සාධන පත්‍රිකාව බාගත කර ගැනිමට හා ආපදා ණය අයදුම්පත්‍ර හා ඊට අදාල ඇමුණුම්, වාර්ෂික ස්ථාන මාරු වීම් අයදුම්පත්‍ර වෙබ් අඩවිය හරහා බාගත කර ගැනීමට හැකි උපදෙස් හා ක්‍රමවේදයක් ඇතුළත් කිරීම

 

සාරධර්ම පිරිපුන් සමාජයක් බිහිකිරීමේ උදාර අරමුණ පෙරදැරි කරගෙන සහ දිවයිනේ සිටින ළමුන්ගේ කලා කුසලතාවයන් ඔප්නංවා ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන ඒමේ අරමුණින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීමේ වැඩසටහනක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් දියත් කර ඇත. මෙම කටයුතු සඳහා අමාත්‍යාංශය තුළම වෙනම අංශයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ඇතිවිය.  ඒ අනුව 2011 වසරේ මුල් වරට සංස්කෘතික ඉදිකිරීම් සඳහා වෙනම අංශයක් ස්ථාපනය කරන ලද අතර එමගින් සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීම සහ නඩත්තු කටයුතු කරනු ලබයි.

අංශය මඟින් ලබාදෙන සේවාවන්

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරිම, නඩත්තු කිරිම හා සංස්කෘතික මධ්‍යස්ථානවලට අයත් ඉඩම් පවරා ගැනීමේ කටයුතු සිදු කිරිම.

සේවාවන් ලබාදෙන වෙනත් ආයතන

  • ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
  • ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
  • ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය
  • අමරදේව අසපුව ඉදිකිරීම
  • SARRC සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිකිරිම
  • ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව
  • බණ්ඩාරනායක ජ්‍යත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH)
  • ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රය