අමාත්‍යාංශයේ දැක්ම වන, “තිරසර ලෙස සංවර්ධනය වු ශ්‍රී ලංකාවක් ” යන සංකල්පය තුළ ප්‍රශස්ත ලෙස සාධනීය ප්‍රතිඑල අත්පත් කරගැනීමේ කාර්යයන්ට අදාලව සැලසුම්කරණය සිදුකරනු ලබයි.

සංස්කෘතික කටයුතු විෂයට යටතේ අනුබද්ධිත දෙපාර්තමේන්තු/ ආයතනයන්ට අදාළ ප්‍රතිපත්ති, සැලසුම් වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසුවිපරම හා ඇගයීම් කටයුතු ප්‍රධාන ලෙස සිදු කෙරේ.

අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු/ ආයතනයන්හි හා සංස්කෘතික මධ්‍යස්ථානවලද තොරතුරු ඇතුලත් දත්ත ගබඩාවක් යාවත්කාලීනව පවත්වා ගනිමින් එම තොරතුරු අදාල අංශ අතර හුවමාරු කිරීමද සැලසුම් අංශය මඟින් සිදුවේ.