1කොළඹ පැවති 10 වැනි සාර්ක් සමුළුවේදී, දකුණු ආසියාවට සුවිශේෂී වූ කලාවන් ප්‍රවර්ධනය කරනු වස් දකුණු ආසියානු සංස්කෘතික මධ්‍යස්ථානයක් කොළඹ ස්ථාපනය කිරීම සඳහා තීරණයකට එළඹිණ. මෙම තීරණය ගනු ලැබුවේ වසර දහස් ගණනක් මුළුල්ලේ දකුණු ආසියාවට ආවේණික වූ අස්පර්ශ හා වාචික සංස්කෘතික උරුමය, එහි පොහොසත්භාවය හා විවිධත්වය හවුලේ බෙදා ගැනීම, සංරක්ෂණය හා ප්‍රවර්ධනය කරලීමයි.

කලාපීය රටවලට අයත් කලාවට සම්බන්ධ ප්‍රජාව එකට හමුවීමේ ප්‍රධාන කේන්ද්‍රය ලෙස මෙම සංස්කෘතික මධ්‍යස්ථානය සැලකේ. විවිධ වූ සංස්කෘතික ක්ෂේත්‍රයන්ට අයත් පුද්ගලයින් හා කණ්ඩායම්වලට එකට එක් වී ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය වන පරිසරය හා පහසුකම් මේ මඟින් නිර්මාණය කෙරේ. මෙම මධ්‍යස්ථානය තුළ සිදු කිරීමට අපේක්ෂිත ක්‍රියාකාරකම් නර්තනය, සංගීතය, නාට්‍ය, රූකඩ කලාව, චිත්‍ර ශිල්පය, මූර්ති කලාව, සිනමාව, ඡායාරූපකරණය, සාහිත්‍යය හා පුරා විද්‍යාව යනාදී විවිධ විෂය ක්ෂේත්‍රයනට සම්බන්ධ වනු ඇත.

phoca thumb l 1ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරින් විසින් සංගීත ක්ෂේත්‍රයට සිදු කරන ලද අනගීභවනීය මෙහෙය කෘතවේදීව අගයනු වස් අමරදේව අසපුව නමින් සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයක් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පිහිටුවන ලදී.