දැයේ දරුවන් සෞන්දර්ය අධ්‍යාපනයට නැඹුරු කරමින් කලා කුසලතාවන් වර්ධනය කරවීම තුළින් සංවේදී සුචරිතවත් අනාගත පරපුරක් බිහිකරලීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ප‍්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින්, පවත්වන සුවිශේෂි වැඩසටහනකි. දිවයින පුරා පිහිටි ප‍්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථානවල ඉගෙනුම ලබන අංකුර කලා ශිල්පින්ගේ කලා කුසලතාවන් ඔප්නැංවීමේ අරමුණින් නර්තන සංචිතයක් පවත්වා ගෙන යාමට අදහස් කෙරෙන අතර,ඒ තුලින් තමා තුළ ඇති හැකියාව තව දුරටත් සියුම් කර ගැනීමට අවස්ථාව සැලසෙන අතරම තමා තුළ ඇති දක්ෂතා හැකියාවන් හදුනා ගැනිම සහ පුද්ගලයෙකු තුළ ඇති නිර්මාණ ශිලිත්වය තීවුර කිරීම ස`දහාත් තමා පිළිබ`ද විශ්වසනීයත්වයක් ඇති කරලීම මෙන්ම සංස්කෘතික මධ්‍යස්ථාන හරහා කලා සහෘදයන් පිරිසක් බිහි කරලීම අරමුණ කර ගෙන මෙම සංචිතය නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.

අරමුණු

  • සාම්ප‍්‍රදායික නර්තන අංග සංරක්ෂණය වෙනුවෙන් දිරි ගැන්වීම.
  • නව නිර්මාණකරණය වෙනුවෙන් අවස්ථාව ලබා දීම.
  • ප‍්‍රදේශයට ආවේනික සාම්ප‍්‍රදායික නර්තන අංග ජාතික තලයට ගෙන ඒමට අවස්ථාව ලබාදීම.
  • සංස්කෘතික මධ්‍යස්ථානවල සම්පත්දායකයන්ට සහ සිසුන්ට නර්තන ක්‍ෂේත‍්‍රයේ ඉදිරි පියවරක් තැබීමට අවස්ථාව ලබා දීම.
  • පෞර්ෂත්වය වර්ධනය කර ගැනිම.
  • රසඥතා සංවර්ධනයට මග පෙන්වීම
  • ජාතික හා ජාත්‍යාන්තර වේදිකාව ස`දහා අවස්ථාව ලබා දීම.
  • විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ස`දහා සුවිශේෂි කලා හැකියාවන් සහිත සිසු දරු දැරියන්ට වැඩි අවස්ථාවක් ලබාදීම.
  • සාමූහිකත්වය තුළින් දරුවන් තුළ සංහිදියාව වර්ධනය කරවීම.
  • සංස්කෘතික සහජීවනය ප‍්‍රවර්ධනය කිරීම.
  • සෞභාග්‍යමත් දේශයකට සංවේදී තරුණ පරපුරක් බිහි කිරීම.
  • දේශීය හා විදේශීය සියඵම ප‍්‍රසංග ස`දහා ශිල්පින් යොමු කිරීම.
  • සාම්ප‍්‍රදායික, නව නූතන සහ විදේශීය නර්තන ශෛලීන් පුහුණු කිරීම හා හ`දුන්වාදීම.
  • කලාව හා සංස්කෘතිය පිළිබ`ද යාවත්කාලීන දැනුම ලබාදීම.
  • වේදිකා පරිපාලනය, අංගරචනය, විදුලි ආලෝක භාවිතය සහ ඇ`දුම් නිර්මාණය පිළිබ`ද දැනුම ලබාදීම.
  • දේශීය සාම්දායික බෙරවාදන සහ නව සංගීත ශෛලින් හා භාණ්ඩ නර්තනය ස`දහා යොදා ගැනීමේ අවකාශ හදුන්වා දීම.

ඉලක්ක ගත පිරිස

ප‍්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථානවල අංකුර කලා ශිල්පින් හා සම්පත්දායකයින්

තෝරා ගන්නා ක‍්‍රම වේදය

එක් සංස්කෘතික මධ්‍යස්ථානයක වසර දෙකකට නොඅඩු කාලයක් සාමාජිකත්වය සපුරා තිබෙන වයස අවු. 15 ත් 25 ත් අතර දක්ෂතම ශිල්පින් (ස්ත‍්‍රී/පුරුෂ) 10 දෙනෙකු සම්මුඛ හා ප‍්‍රායෝගික පරීක්ෂණයට යොමු කර විෂය ප‍්‍රවීනත්වය ඇති විනිශ්චය මණ්ඩලයක් මගින් තෝරා ගැනීම.

සංයුතිය - නර්තන ශිල්පීන් 125 (සිංහල, දෙමල, මුස්ලිම්) | (බෙර වාදන ශිල්පින් ඇතුඵව)

ක‍්‍රියාත්මක ක‍්‍රමවේදය

  • තෝරාගත් සියඵම ශිල්පින් කැදවා හැකියාව ඔප්නැංවීමේ අරමුණින් ක්ෂේත‍්‍රයේ පලපුරුදු ශිල්පින්ගේ සහභාගිත්වයෙන් යුතුව දින 03 ක වැඩමුඵවක් පැවැත්වීම.
  • තේරී පත්වන සියඵම ශිල්පීන් හැකියාව අනුව, සම්ප‍්‍රදාය අනුව සහ පෞරුෂය අනුව කණ්ඩායම් ගත කිරීම.
  • විෂයේ ප‍්‍රවීනත්වය දිගටම පවත්වා ගෙන යාම ස`දහා සෑම මසකම දින 03 ක් නේවාසික පුහුණුවීම් කිරීම.
  • මේ ස`දහා අමාත්‍යාංශය සතු පුඵල් වපසරියක් සහිත වේයන්ගොඩ ජාතික පුහුණු මධ්‍යස්ථානයේ දී පුහුණු කටයුතු සිදු කිරිම.
  • අමාත්‍යාංශයේ කලා උපදේශක යටතේ මෙය පවත්වා ගෙන යාම සහ ඔහුගේ උපදෙස් මත සම්පත්දායකයින්ගේ සහාය ලබා ගැනීම.
  • පාසල් නිවාඩු කාලයේ විශේෂ වැඩමුඵ ස`දහා ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන් සම`ග ශිල්පීය දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව ලබාදීම.

2018/2019 /2021 වර්ෂවල ජාතික නර්තන සංචිතයේ දායකත්වය අංග කිහිපයක් පහත පරිදි වේ

  • ජාතික ශිල්ප සභාව මගින් පවත්වන ලද ශිල්පාභිමාණී 2018 හස්ත කර්මාන්ත ප‍්‍රදර්ශනයේ සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම.
  • ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයේ 2018 සංස්කෘතික ප‍්‍රසංගයෙහි සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම.
  • පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාල මගින් සංවිධාන කරන ලද ථේරවාදී බුදුදහම පිළිබ`ද ජාත්‍යාන්තර සම්මන්ත‍්‍රණයේ සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම.
  • වන ජීවි අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද ත්‍රෛමාසික සත්කාරක සේවා පුහුණු පාඨමාලාව ස`දහා සහතික පත‍්‍ර ප‍්‍රදානෝත්සවයේ සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම.
  • ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමේ උත්සවයේ සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම.
  • 71 වන ජාතික දින උත්සවයෙහි සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම.
  • 2019 රාජ්‍ය වෙසක් උත්සවයෙහි සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම.
  • 40 වැනි ජාතික නිවාස දින උත්සවයේ සංස්කාතිකාංග ඉදිරිපත් කිරීම.
  • සිංගප්පූරු රාජ්‍යයේ පැවැති දීපවාලි මහෝත්සවයේ ප‍්‍රසංගයට සහභාගි වීම.
  • චීන රාජ්‍යයේ සහ ඉංදියාවේ සංස්කෘතික උත්සවයට සහභාගී වීම.
  • නේපාලයේ සාර්ක් සංස්කෘතික උළෙලට සහභාගීවිම.
  • 2021 වර්ෂයේ තානාපතිවරුන් ස`දහා පවත්වන සංස්කෘතික ප‍්‍රසංගයට සහභාගිවීම. 

 නර්තන සංචිතයෙන් ලබාදිය හැකි නර්තන අංග

අනු අංකය අංශය නර්තන අංගය
01 පිළිගැනීමේ නර්තන කණ්ඩායම්
  • උඩරට නර්තන කණ්ඩායම් (වෙස් නර්තන ආදිය)
  • පහතරට නර්තන කණ්ඩායම්
  • සබරගමු නර්තන කණ්ඩායම්
  • සමූහ බෙර කණ්ඩායම්
02 උඩරට සම්ප‍්‍රදාය
  • සමාරම්භක නර්තන කණ්ඩායම්
  • උඩරට ශාස්ත‍්‍රීය නර්තන කණ්ඩායම්
  • පන්තේරු, රබන්, උඩැක්කි නර්තන කණ්ඩායම්
  • ගැමි නර්තන කණ්ඩායම් (ගොයම්, කුළු, ලී කෙලි,පතුර, තාලම්, කල ආදිය)
  • උඩරට නිර්මාණාත්මක නර්තන කණ්ඩායම් (මයුර, ගජගා, හංස ආදිය)
  • නිර්මාණාත්මක නර්තන කණ්ඩායම් (සංගීත කණ්ඩ ස`දහා නිර්මාණ)
03 පහතරට සම්ප‍්‍රදාය
  •  පහතතරට ශාස්ත‍්‍රීය නර්තන කණ්ඩායම් (ශාන්ති කර්ම නර්තන අංග)
  • තෙල්මේ නර්තන කණ්ඩායම්
  • දෙවොල් නර්තන කණ්්ඩායම්
  • වඩිගපටුන නර්තන කණ්ඩායම්
  • ගිරිදේවි නර්තන කණ්ඩායම්
  • පාලි නර්තන කණ්ඩායම් (සළු පාලිය, කෙණ්ඩිපාලිය, පන්දම් පාලිය ආදිය)
  • සන්නි නර්තන කණ්ඩායම් (ගිනිජල්, දේව සන්නිය ආදිය)
  • කෝලම් නර්තන කණ්ඩායම් (අණ බෙර නොංචි, පොලිස් කෝලම ආදිය)
  • සුරඹාවල්ලිය නර්තන කණ්ඩායම්
  • නාග රක්ෂ, නාග ගුරුළු, නාග කන්‍යා, නර්තන කණ්ඩාම්
  • ගිනි සිසිල නර්තන කණ්ඩායම්
  • පත්තිනි නර්තන කණ්ඩායම්
04 සබරගමු සම්ප‍්‍රදාය
  •  සබරගමු ශාස්ත‍්‍රීය නර්තන කණ්ඩායම්
  • යහන් දැක්ම නර්තන කණ්ඩායම්
  • සාම්ප‍්‍රදාය ඇසුරින් නිර්මාණාත්මක කණ්ඩායම්
  • මල්පදය නර්තන කණ්ඩායම්
  • සබරගමු අත්මිණි නර්තන කණ්ඩායම්
  • සබරගමු පද ඇසුරින් නර්තන කණ්ඩායම් (පන්දම් පද, සළු පද ආදිය)
05 ඉන්දීය නර්තන කණ්ඩායම්
  • පූජා නර්තන අංග
  • භරත නර්තන කණ්ඩායම
  • නිර්මාණාත්මක නර්තන අංග
  • ගැමි නර්තන අංග
  • කතක් නර්තන අංග 
06 මුස්ලිම් නර්තන අංග
  • මුස්ලිම් සාම්ප‍්‍රදායික නර්තන අංග
  • මුස්ලිම් ලී කෙලි
  • මුස්ලිම් රබන්
07 නිර්මාණාත්මක නර්තන
  • බැලේ/මුද්‍රා නාට්‍ය කණ්ඩායම්
  • ගීත සදහා නර්තන කණ්ඩායම්