බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික පාලන අංශය යටතේ, එය වර්තමානයේ ඉටු කළ යුතු කාර්යභාරය වඩා සඵලදායකව ඉටුකිරිම පහසුවනු වස් පහත සඳහන් පරිදි ශාඛා 04 ක් ප්‍රතිස්ථාපනය කර ඇත.
පාලන ශාඛාව
අංශයෙන් ඉටුකරන කාර්යයන්
- රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව මෙම අමාත්‍යාංශය යටතට පැවරී ඇති කටයුතු අදාල නීතිරීති චක්‍රලේඛ අනුව ක්‍රියාත්මක කරලීම
- අමාත්‍යාංශ සහ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පාලන කටයුතු මෙගෙයවීම සම්බන්ධීකරණය සහ අධීක්ෂණ කිරීම
- කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරින්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරීම හා නඩත්තු කිරීම
- අමාත්‍යාංශයේ සියළුම රාජකාරි දුරකථන බිල්පත් නිරවුල් කිරීම
- අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කිරීම
- අමාත්‍යාංශයේ සියළුම තැපෑල් කටයුතු
- අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල සඳහා ණය සම්බන්ධ කටයුතු
- අමාත්‍යාංශයේ සියළුම නඩත්තු කටයුතු
- පරිගණක පුහුණුලාභීන් අනුයුක්ත කිරීම
- අමාත්‍යාංශයේ ප්රගමනයට ඉවහල්වන පුහුණුවීම් නිලධාරින්ට ලබාදීම
ශාඛාව මඟින් ලබාදෙන සේවාවන්
- අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල සඳහා දුම්රිය බලපත්‍ර ලබාදීම
- අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල සඳහා පුහුණුවීම් ලබාදීම
මධ්‍යස්ථාන පාලන ශාඛාව
සංස්කෘතික මධ්‍යස්ථානයන්හි ආයතනික හා පරිපාලනමය අධීක්ෂණ කටයුතු මෙම අංශය මඟින් සිදු කෙරේ.
ශාඛාව මගින් ලබාදෙන සේවාවන්
- සංස්කෘතික මධ්‍යස්ථානයන්හි සේවය කරන සියලුම නිලධාරින්ගේ පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම
- වැටුප් වර්ධක සැකසීම
- වැටුප් පරිවර්තන සැකසීම
- නිවාඩු ,විදේශ නිවාඩු ඇතුළුව අනුමත කිරීම
- සේවය සනාථ කිරීමේ ලිපි නිකුත් කිරීම
- බදවාගැනීමේ පටිපාටි උෂස්වීම් සකස් කිරීම
- කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම
- ආපදා ණය , දේපල ණය , උත්සව අත්තිකාරම් අනුමත කිරීම
- අග්‍රහාර රක්ෂණවරණ විදුලි බිල්පත් ගෙවිම් කටයුතු
- විශ්‍රාම වැටුප් සම්බන්ධ සියලුම කටයුතු
- වාර්ෂීක ස්ථාන මාරු
විදේශ සබදතා ශාඛාව
ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ලෝක ප්‍රජාව අතර ප්‍රචලිත කිරීම හා ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර සංස්කෘතික අංග ශ්‍රී ලාංකික ප්‍රජාවගේ රසවින්දනය සඳහා යොමු කිරීම එමෙන්ම ජාත්‍යන්තර තාක්ෂණික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම මෙම ශාඛාවේ වගකීමකි.
මේ වන විට අප අමාත්‍යංශය විසින් එළඹ ඇති අවබෝධතා ගිවිසුම් ගණන 49ක් වන අතර එයින් ස්වයංක්‍රීයව යාවත්කාලීන වන ගිවිසුම් ගණන 40 කි.අලුත් කිරීමට නියමිත ගිවිසුම් ගණන 09ක් වන අතර යෝජිත ගිවිසුම් ගණන 18 කි. අත්සන්කර ඇති ගිවිසුම්වලට ප්‍රකාරව දෙස් විදෙස් සංස්කෘතික හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක වන අතර විදේශ සංස්කෘතික සබඳතා ශාඛාවේ ප්‍රධාන කාර්යයන් පහත පරිදි වේ.
- ගරු අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ විදේශ සංචාර සංවිධානය කිරීම හා සම්බන්ධීකරණය කිරීම.
- සංස්කෘතික කණ්ඩායම් විදේශයන් සමඟ හුවමාරු කර ගැනීම.
- ස්පර්ශ හා අස්පර්ශ සංස්කෘතික ක්ෂේත්රයේ විශේෂඥයින් හුවමාරු කර ගැනීම.
- විදේශීය සංස්කෘතික ප්‍රදර්ශන හා සැණකෙළි ශ්‍රී ලංකාවේ පැවැත්වීමේදී සහයෝගය දැක්වීම.
- සංස්කෘතික ගිවිසුම් අත්සන් කර ඇති රටවල් සමඟ අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කිරීමට අදාලව කටයුතු කිරීම හා නව ගිවිසුම් ඇති කිරීමට අදාල කටයුතු සිදු කිරීම.
- UNESCO, SAARC, BIMSTEC, ICCROM වැනි ජාත්‍යන්තර සංවිධාන මගින් මෙහෙය වනු ලබන වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.
- අන්තර්ජාතික රැස්වීම්, සම්මන්ත්රණ, වැඩමුළු ආදියට නිලධාරීන් සහ අවශ්‍ය අවස්ථාවලදී ශ්‍රී ලාංකික දූත පිරිස් සහභාගී කරවීමට අදාල සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම.
- දැනට ක්‍රියාත්මක තත්වයේ ගිවිසුම් සහිත රටවල් සමඟ සංස්කෘතික කණ්ඩායම්, පුහුණු වැඩසටහන්, ප්‍රදර්ශන ආදිය සංවිධානය කිරීම හා සම්බන්ධීකරණය.
- අන්තර්ජාතික සංස්කෘතික තරඟ පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු.
- දැනට ක්‍රියාත්මක තත්වයේ ගිවිසුම් සහිත රටවල් සමඟ සංස්කෘතික කණ්ඩායම්, පුහුණු වැඩසටහන්, ප්‍රදර්ශන ආදිය සංවිධානය කිරීම හා සම්බන්ධීකරණය
ඉහත කටයුතු වලට අමතරව සංස්කෘතික ගිවිසුම් අත්සන් කර ඇති රටවල් සමඟ අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කිරීමට අදාල කටයුතු කිරීම හා නව ගිවිසුම් ඇති කිරීමට අදාල කටයුතු සිදුකිරීම මෙම ශාඛාව මගින් සිදුවේ. පහත සඳහන් රටවල් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත.
- ඇෆ්ගනිස්ථානය
- ඊජිප්තු අරාබි ජනරජය
- බහරේනය
- බෙලාරුස්කා
- ම්බෝජය
- ක්‍රොඒෂියාව
- චෙකොස්ලොවැක් සමාජවාදී ජනරජය
- ප්‍රංශ ජනරජය
- ජර්මනිය
- ජෝර්දානයේ හෂිමයිට් රාජධානිය
- හංගේරියාව
- ඉරාකය
- ඉරාන ඉස්ලාමීය ජනරජය
- තායිලන්ත රාජධානිය
- ලාඕsaya
- ලිබියාව
- මැලේසියාව
- මාලදිවයින
- මොංගෝලියාව
- නේපාලය
- පකිස්ථානය
- පලස්තීනය
- බංග්ලාදේශයේ මහජන ජනරජය
- මහජන චීන සමූහාණ්ඩුව
- පෘතුගාලය (පෘතුගීසි ජනරජය)
- බල්ගේරියාව ජනරජය
- කියුබා ජනරජය
- එස්තෝනියා ජනරජය
- ඉන්දීය ජනරජය
- ඉතාලි ජනරජය
- කෙන්යා ජනරජය
- සිංගප්පූරු ජනරජය
- දකුණු අප්‍රිකා ජනරජය
- පිලිපීන ජනරජය
- රුමේනියාව
- රුසියානු සමූහාණ්ඩුව
- සවුදි අරාබිය
- සීෂෙල්ස්
- වියට්නාම් සමාජවාදී ජනරජය
- දකුණු කොරියාව (කොරියාවේ ජනරජය)
- ඊශ්‍රායල රාජ්‍යය
- කුවේට් රාජ්‍යය
- ඕමානයේ සුල්තාන්
- ඉන්දුනීසියාවේ ජනරජය
- කටාර් රාජ්‍යය
- U.A.E
- මියන්මාර සංගමය
- දකුණු කොරියාව (කොරියාවේ ජනරජය)
- ඊශ්‍රායල රාජ්‍යය