මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ විහාර පාර, ශ්‍රී ධර්මරාජ විහාරස්ථානයේ දී පසුගියදා (07) පැවැත්විණි.

'අත්තනො ච අචෙක්ඛෙය්‍ය කතානිඅඛතානි ච'  - 'අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු' යන තේමාවෙන් යුතුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන අතර එහි සමාරම්භක උලෙළ මාතලේ විහාර පාර, ශ්‍රී ධර්මරාජ මහ පිරිවෙන් පරිශ්‍රයේ දී සහ සමාප්ති උලෙළ පල්ලේපොල මිල්ලවාන ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට තිරණය කර තිබේ.

ඒ අනුව මැයි මස 21 සිට 27 දින දක්වා විවිධ ආගමික සංස්කෘතික වැඩසටහන් පැවැත්වෙන අතර, මැයි 21 වන දින රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව  සංස්කෘතික වැඩසටහන්, මැයි 22 වන දින පරිසර සංරක්ෂණ හා යහපත් සෞඛ්‍ය පුරුදු වැඩසටහන්, මැයි 23 වන දින සීල භාවනා පින්කම ( වෙසක් පොහෝ දින වැඩසටහන) ,මැයි 24 වන දින සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, මැයි 25 වන දින සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සම්බුද්ධ දේශනා අනුව පවත්වන වැඩසටහන්, මැයි 26 වන දින අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්, මැයි 27 වන දින භික්ෂු හා සිල් මාතා පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

එසේම මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 හි විහාරස්ථාන 11ක් සංවර්ධනය කිරීම, වෙසක් බැති ගී, පහන් කූඩු ,වෙසක් තොරණ, පාරිසරික හා සංස්කෘතික අංගයන් හා පිණ්ඩපාත වැඩසටහන්, ලේ දන්දීමේ වැඩසටහන් ආදී විශේෂ වැඩසටහන්, සර්ව ආගමික අංග ඇතුළත් පෙරහරක් ද   පැවැත්වේ.

මෙම අවස්ථාවට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ, මාතලේ දිසා ශාසනාරක්ෂක බල මණඩලයේ සභාපති කොස්ගොල්ලේ සීලරතන යන නාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොට්ටෙගොඩ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ,  මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. රත්නායක, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මාතලේ දිසාපති තේජානි තිලකරත්න යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීහු, රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීහු  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙසින් ඉතිහාසයට එක්වන දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පසුගියදා (17) පැවැත්විණි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ සම්භාවනීය අමුත්තෝ එහිදී සිදු කළහ.

උපහාර උත්සවයේ ප්‍රධාන අනුස්මරණ දේශනය මහාචාර්ය සරත් විජසූරිය මහතා සිදු කළේය.

හිටපු කතානායක කරු ජයසුරිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර,

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍යවරු වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර,  පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන දුමින්ද දිසානායක, පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා,  හිටපු අමාත්‍යවරු වන සරත් ඒකනායක, පණ්ඩු බණ්ඩාරනායක, ෆයිසර් මුස්තාෆා, හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆහිම් උල් අසිස්  (Maj. Gen. (R) Faheem UI Aziz, HI (M) සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු අතර නිල හමුවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු  අමාත්‍යංශයේදී පසුගියදා (16) පැවැත්විණි.

නිල හමුවේදී දෙරට අතර  පවතින සංස්කෘතික සම්බන්ධතාවය පිළිබඳව කරුණු සාකච්ඡා කෙරුණු අතර දැනට පවතින සංස්කෘතික සහයෝගීතා ගිවිසුම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

ඒ අනුව දෙරට අතර සංස්කෘතික සංචාර හා සංචාරකයන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම, පුරාවිද්‍යා දැනුම හුවමාරු කර ගැනීම  පිළිබඳ සම්මන්ත්‍රණ පැවැත්වීම, දෙරට අතර පුරාවිද්‍යාව පිළිබඳව ගවේෂණය කිරීමට ගිවිසුමක් අත්සන් කිරීම, පාකිස්ථානයෙන් සොයාගත් ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම සහ ශ්‍රී ලංකා පකිස්ථාන සංස්කෘතික මධ්‍යස්ථානයක් පකිස්ථානයේ ඉදිකිරීම ආදී කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහා කොමසාරිස් වජිඩ් හසන් හෂ්මි  (Mr. Wajid Hassan Hashmi) මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දි අද (10) සිදු කරණු ලැබීය.

චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම සහ නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්ය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමත්‍යාංශය ලේකම් සෝමරත්න විදානපතිරණ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමත්‍යාංශය අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන යන මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )

ටවර් හෝල් රඟහල පදනම මඟින් ක්‍රියාත්මක කරනු ලබන වියපත් කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන යටතේ කලාකරුවන්ට අලුත් අවුරුදු තිළිණ ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේ දී පසුගියදා (08) පැවැත්විණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් මෙම තිළිණ ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

ඒ අනුව කලාකරුවන් 20 දෙනෙකු ඇතුළත් කර ගැනීමත්, දැනට මාසිකව රු. 7,500/- ක විශ්‍රාමික ජීවනාධාරය ලබන කලාකරුවන් 102 දෙනා ද ඇතුළුව සමස්ත කලාකරුවන් 122 දෙනා සඳහා අප්‍රේල් මස සිට රු. 7,500/- ක දීමනාව රු. 10,000/- දක්වා වැඩිකර ලබාදීම සහ  අලුතින් බඳවා ගත් කලාකරුවන් සඳහා පත්වීම් ලිපි ද මෙහිදී ලබාදුණි.

ජීවනාධාර හිමි කලාකරුවන්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලේකම් සෝමරත්න විදානපතිරණ, අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්ම මහත්මිහු ,ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩල සාමාජිකයන් , අමාත්‍යාංශ නිලධාරිහු හා අනුග්‍රාහක දායකත්වය ලබාදුන් ආයතනයන්හි නියෝජිතවරු ඇතුළු 300 කට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්රීඩා ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්රියාමාර්ග ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා සඳහන් කරයි.

අවුරුදු උත්සව පැවැත්වීමට අදාල උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්රික් ලේකම්වරු මාර්ගයෙන් ප්රාදේශීය ලේකම්වරු වෙත ලබා දී ඇති බවද අමාත්යවරයා සඳහන් කළේය.
 
අවුරුදු උත්සවවල පවත්වන සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමේ මාධ්ය හමුවට එක්වෙමින් අමාත්යවරයා මේ බව පසුගියදා (05) කියා සිටියේය.
 
ඒ අනුව අවුරුදු උත්සවවලට ඇතුළත් කර ඇති උත්සව අංග සහ ක්රීඩා අදාළ ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ලියාපදිංචි කළ යුතු බවත්, ඉන්පසු ශබ්ද විකාශන යන්ත්ර භාවිතා කිරීම සඳහා පොලිසිය අනුමැතිය ලබා ගත යුතු බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශ අතිරේක ලේකම් කේ. ඩී.ආර්. නිශාන්ති ජයසිංහ මහත්මිය එහිදී සඳහන් කළාය.
 
අවුරුදු උත්සවවලදී අසභ්ය ලෙස පවත්වනු ලබන ක්රීඩා හා උත්සව අංග පිළිබඳව මෙන්ම ආගමික වශයෙන් හානි වන ක්රියාකාරකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතර ඒ පිළිබඳව පවතින නීති යටතේ ක්රියාත්මක වන බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා එහිදී ප්රකාශ කර සිටියේය.
 
අධ්යාපන අමාත්යංශ පිරිවෙන් අධ්යක්ෂ ආචාර්ය පූජ්ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, ශ්රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්රණීත් අභයසුන්දර, සංස්කෘතික කටයුතු අධ්යක්ෂ යසින්තා ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

''සුභාවිත සංගීත කලාවක හෙට දවස” වෙනුවෙන්  විශිෂ්ටතම නිර්මාණ සහ ශිල්පීන් ඇගයීම හා දිරිගැන්වීම ප්‍රධාන අරමුණ කරගෙන  පවත්වනු ලබන 'රාජ්‍ය සංගීත සම්මාන උලෙළ' කොළඹ, නෙළුම් පොකුණ එළිමහන් රංග පීඨයේ දී පසුගියදා (06) පැවැත්විණි.

මෙහිදී ජීවිතයට එක් වරක් පමණක් ලැබෙන සංගීතාභිමානීය යාවජීව සම්මාන ප්‍රවීණ සංගීතවේදීන් වන  දේවානන්ද වෛද්‍යසේකර සහ ඇන්තනී සුරේන්ද්‍ර යන මහත්වරු  දෙපළට හිමි වූහ.

ළමා, කාන්තා සහ පිරිමි යන කාණ්ඩ යටතේ විවිධ අංශයන් ගණනාවක් යටතේ විශිෂ්ටතම සම්මාන,කුසලතා සම්මාන, ජූරියේ විශේෂ ඇගයීම් ආදී ලෙස සම්මාන සහ සහතික පත්‍ර මෙහිදී පිරිනැමිණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ මඟපෙන්වීම යටතේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදාපතිරණ ,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන යන මහත්ම  මහත්මීන්ගේ මෙහෙයවීමෙන්  සංස්කෘතික කටයුතු දෙපාර්‌තමේන්තුව ,ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සංගීත උපදේශක සභාව එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කෙරිණි.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රෝහාන් නෙත්සිංහ, රාජ්‍ය සංගීත අනුමණ්ඩලයේ සභාපති මහාචාර්ය මහානාම වික්‍රමසිංහ යන මහත්වරු,සංගීතඥයින්, ගායන ශිල්පිහු, කලාකරුවෝ , ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp_Image_2024-03-07_at_14.05.31_1.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.31.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.32_1.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.32_2.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.30.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.34_1.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.34_2.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.36.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.34.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.35.jpeg

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවයේ සමාරම්භක උළෙල මාර්තු මස 01, 02, 03 දිනයන්හි නෙළුම් පොකුණ  රඟහල පරිශ්‍රයේ දී වර්ණවත්ව සම්භාවනීය අමුත්තන් රැසක සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඒ අනුව මාර්තු (01) දිනයේ දී රංගෝලි හා චිත්‍ර තරඟ, සංස්කෘතිකමය විලාසිතා අංග, ශ්ලෝක ගායනා තරඟ,යග්ග ගායනා, විචිත්‍රවත් සංස්කෘතික ප්‍රසංග හා සංගීත ප්‍රසංගයක් ද මෙහි දී පැවැත්විණි.

හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැළකෙන ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයක් පිදීම සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව භගවත් ගීතා මහෝත්සවය පවත්වන අතර  බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් මෙවර මෙය ශ්‍රී ලංකාවේදී විචිත්‍රවත්ව  සිදු කෙරිණි.

හින්දු පුජකවරු,ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දත්තා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක,අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරු සහ අතිරේක ලේකම්වරු,දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරු,අමාත්‍යාංශට අනුබද්ධිත ආයතනයහි නිලධාරිහු පාසල් දරුවන් ඇතුළු සම්භාවනී අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවයේ දෙවන දිනයේ දී හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැළකෙන ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයක් පිදීම සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව භගවත් ගීතා මහෝත්සවය පවත්වන අතර  බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් මෙවර මෙය ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව සිදු කෙරිණි.

ගීතා මනිෂ් ස්වාමි ගයානනද් ජී, ස්වාමි ගුරු ෂරානනද් ජී මහාරාජ්,  ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජා, කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය විෂාලී ෂාර්මා, කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලයේ ලේකම්  විකාස් ගුප්තා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, මහාචාර්ය අසංග තිලකරත්න, අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරු සහ අතිරේක ලේකම්වරු, දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරු, අමාත්‍යාංශට අනුබද්ධිත ආයතනයහි නිලධාරිහු ඇතුළු ඉන්දු - ශ්‍රී ලංකා සම්භාවනී අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවය  වෙනුවෙන් විශේෂ සත්භාවනා යාත්‍රා පෙරහරක් ඉන්දු - ලංකා  සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මාර්තු මස 03 වන දින පැවැත්විණි.

මෙම පෙරහර සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වූ අතර එහිදී බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා  සහ ගීතා මනිෂ් ස්වාමි ගයානනද් ජී පූජකතුමන් විසින් භගවත් ගීතාව ඇතුළත් ග්‍රන්ථයක් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීය.

මෙම විශේෂ පෙරහර නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයෙන් ආරම්භ කර කොළඹ නව නගර ශාලා පරිශ්‍රය හරහා නැවත නෙළුම් පොකුණ  රඟහල  දක්වා ගමන් කෙරිණි.

හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැළකෙන ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයක් පිදීම සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව භගවත් ගීතා මහෝත්සවය පවත්වන අතර  බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් මෙවර මෙය ශ්‍රී ලංකාවේදී විචිත්‍රවත්ව  සිදු කෙරිණි.

WhatsApp_Image_2024-03-02_at_11.19.24_2.jpeg

WhatsApp_Image_2024-03-02_at_11.19.25.jpeg

WhatsApp_Image_2024-03-02_at_11.19.25_1.jpeg

WhatsApp_Image_2024-03-02_at_11.19.26_2.jpeg

WhatsApp_Image_2024-03-03_at_13.38.44.jpeg

WhatsApp_Image_2024-03-03_at_13.38.45_1.jpeg

WhatsApp_Image_2024-03-03_at_13.38.47_1.jpeg

WhatsApp_Image_2024-03-03_at_13.38.48.jpeg

WhatsApp_Image_2024-03-03_at_13.38.54_2.jpeg

WhatsApp_Image_2024-03-03_at_13.38.50.jpeg

WhatsApp_Image_2024-03-05_at_12.39.32.jpeg

WhatsApp_Image_2024-03-05_at_12.39.35_1.jpeg

WhatsApp_Image_2024-03-05_at_12.39.36.jpeg

WhatsApp_Image_2024-03-05_at_12.39.39_1.jpeg

WhatsApp_Image_2024-03-05_at_12.39.41_1.jpeg

WhatsApp_Image_2024-03-05_at_12.39.38.jpeg

WhatsApp_Image_2024-03-05_at_12.39.39.jpeg

 

 

WhatsApp_Image_2024-02-29_at_11.09.03.jpegWhatsApp_Image_2024-02-29_at_11.09.03_1.jpegWhatsApp_Image_2024-02-29_at_12.02.30.jpeg

ජාත්‍යන්තර ගීතා මහෝත්සවය සංවිධානය කිරීම පිළිබඳව සාකච්ඡාවක්  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පසුගියදා (23) සිදු කෙරිණි.

සමාජ සංවිධාන සහ ඉන්දීය සංගම් නියෝජිතයන් සමඟ පැවති මෙම සාකච්ඡාවේ දී ගීතා මහෝත්සවය පැවැත්වීමට අදාල පෙර සැලසුම් පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම මෙහිදී  සිදු විය.

මහා සංඝරත්නය, හින්දු පුජකවරුන් ,බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ලේකම් සෝමරත්න විදානපතිරණ ,අමාත්‍යංශ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි , අමාත්‍යංශ අතිරේක ලේකම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වැඩ බලන කේ.ඒ.ඩී.ආර් නිශාන්ති ජයසිංහ , ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අන්කුරන් දුත්තා , හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ වයි. අනුරුත්තනන් , යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, හින්දු සංවිධානවල නියෝජිතයෝ  ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.