''සුභාවිත සංගීත කලාවක හෙට දවස” වෙනුවෙන්  විශිෂ්ටතම නිර්මාණ සහ ශිල්පීන් ඇගයීම හා දිරිගැන්වීම ප්‍රධාන අරමුණ කරගෙන  පවත්වනු ලබන 'රාජ්‍ය සංගීත සම්මාන උලෙළ' කොළඹ, නෙළුම් පොකුණ එළිමහන් රංග පීඨයේ දී පසුගියදා (06) පැවැත්විණි.

මෙහිදී ජීවිතයට එක් වරක් පමණක් ලැබෙන සංගීතාභිමානීය යාවජීව සම්මාන ප්‍රවීණ සංගීතවේදීන් වන  දේවානන්ද වෛද්‍යසේකර සහ ඇන්තනී සුරේන්ද්‍ර යන මහත්වරු  දෙපළට හිමි වූහ.

ළමා, කාන්තා සහ පිරිමි යන කාණ්ඩ යටතේ විවිධ අංශයන් ගණනාවක් යටතේ විශිෂ්ටතම සම්මාන,කුසලතා සම්මාන, ජූරියේ විශේෂ ඇගයීම් ආදී ලෙස සම්මාන සහ සහතික පත්‍ර මෙහිදී පිරිනැමිණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ මඟපෙන්වීම යටතේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදාපතිරණ ,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන යන මහත්ම  මහත්මීන්ගේ මෙහෙයවීමෙන්  සංස්කෘතික කටයුතු දෙපාර්‌තමේන්තුව ,ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සංගීත උපදේශක සභාව එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කෙරිණි.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රෝහාන් නෙත්සිංහ, රාජ්‍ය සංගීත අනුමණ්ඩලයේ සභාපති මහාචාර්ය මහානාම වික්‍රමසිංහ යන මහත්වරු,සංගීතඥයින්, ගායන ශිල්පිහු, කලාකරුවෝ , ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp_Image_2024-03-07_at_14.05.31_1.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.31.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.32_1.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.32_2.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.30.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.34_1.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.34_2.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.36.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.34.jpeg

WhatsApp_Image_2024-03-07_at_14.05.35.jpeg