ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවයේ සමාරම්භක උළෙල මාර්තු මස 01, 02, 03 දිනයන්හි නෙළුම් පොකුණ  රඟහල පරිශ්‍රයේ දී වර්ණවත්ව සම්භාවනීය අමුත්තන් රැසක සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඒ අනුව මාර්තු (01) දිනයේ දී රංගෝලි හා චිත්‍ර තරඟ, සංස්කෘතිකමය විලාසිතා අංග, ශ්ලෝක ගායනා තරඟ,යග්ග ගායනා, විචිත්‍රවත් සංස්කෘතික ප්‍රසංග හා සංගීත ප්‍රසංගයක් ද මෙහි දී පැවැත්විණි.

හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැළකෙන ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයක් පිදීම සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව භගවත් ගීතා මහෝත්සවය පවත්වන අතර  බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් මෙවර මෙය ශ්‍රී ලංකාවේදී විචිත්‍රවත්ව  සිදු කෙරිණි.

හින්දු පුජකවරු,ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දත්තා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක,අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරු සහ අතිරේක ලේකම්වරු,දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරු,අමාත්‍යාංශට අනුබද්ධිත ආයතනයහි නිලධාරිහු පාසල් දරුවන් ඇතුළු සම්භාවනී අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවයේ දෙවන දිනයේ දී හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැළකෙන ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයක් පිදීම සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව භගවත් ගීතා මහෝත්සවය පවත්වන අතර  බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් මෙවර මෙය ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව සිදු කෙරිණි.

ගීතා මනිෂ් ස්වාමි ගයානනද් ජී, ස්වාමි ගුරු ෂරානනද් ජී මහාරාජ්,  ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජා, කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය විෂාලී ෂාර්මා, කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලයේ ලේකම්  විකාස් ගුප්තා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, මහාචාර්ය අසංග තිලකරත්න, අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරු සහ අතිරේක ලේකම්වරු, දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරු, අමාත්‍යාංශට අනුබද්ධිත ආයතනයහි නිලධාරිහු ඇතුළු ඉන්දු - ශ්‍රී ලංකා සම්භාවනී අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවය  වෙනුවෙන් විශේෂ සත්භාවනා යාත්‍රා පෙරහරක් ඉන්දු - ලංකා  සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මාර්තු මස 03 වන දින පැවැත්විණි.

මෙම පෙරහර සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වූ අතර එහිදී බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා  සහ ගීතා මනිෂ් ස්වාමි ගයානනද් ජී පූජකතුමන් විසින් භගවත් ගීතාව ඇතුළත් ග්‍රන්ථයක් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීය.

මෙම විශේෂ පෙරහර නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයෙන් ආරම්භ කර කොළඹ නව නගර ශාලා පරිශ්‍රය හරහා නැවත නෙළුම් පොකුණ  රඟහල  දක්වා ගමන් කෙරිණි.

හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැළකෙන ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයක් පිදීම සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව භගවත් ගීතා මහෝත්සවය පවත්වන අතර  බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් මෙවර මෙය ශ්‍රී ලංකාවේදී විචිත්‍රවත්ව  සිදු කෙරිණි.

WhatsApp_Image_2024-03-02_at_11.19.24_2.jpeg

WhatsApp_Image_2024-03-02_at_11.19.25.jpeg

WhatsApp_Image_2024-03-02_at_11.19.25_1.jpeg

WhatsApp_Image_2024-03-02_at_11.19.26_2.jpeg

WhatsApp_Image_2024-03-03_at_13.38.44.jpeg

WhatsApp_Image_2024-03-03_at_13.38.45_1.jpeg

WhatsApp_Image_2024-03-03_at_13.38.47_1.jpeg

WhatsApp_Image_2024-03-03_at_13.38.48.jpeg

WhatsApp_Image_2024-03-03_at_13.38.54_2.jpeg

WhatsApp_Image_2024-03-03_at_13.38.50.jpeg

WhatsApp_Image_2024-03-05_at_12.39.32.jpeg

WhatsApp_Image_2024-03-05_at_12.39.35_1.jpeg

WhatsApp_Image_2024-03-05_at_12.39.36.jpeg

WhatsApp_Image_2024-03-05_at_12.39.39_1.jpeg

WhatsApp_Image_2024-03-05_at_12.39.41_1.jpeg

WhatsApp_Image_2024-03-05_at_12.39.38.jpeg

WhatsApp_Image_2024-03-05_at_12.39.39.jpeg