ජාත්‍යන්තර ගීතා මහෝත්සවය සංවිධානය කිරීම පිළිබඳව සාකච්ඡාවක්  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පසුගියදා (23) සිදු කෙරිණි.

සමාජ සංවිධාන සහ ඉන්දීය සංගම් නියෝජිතයන් සමඟ පැවති මෙම සාකච්ඡාවේ දී ගීතා මහෝත්සවය පැවැත්වීමට අදාල පෙර සැලසුම් පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම මෙහිදී  සිදු විය.

මහා සංඝරත්නය, හින්දු පුජකවරුන් ,බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ලේකම් සෝමරත්න විදානපතිරණ ,අමාත්‍යංශ අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි , අමාත්‍යංශ අතිරේක ලේකම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වැඩ බලන කේ.ඒ.ඩී.ආර් නිශාන්ති ජයසිංහ , ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අන්කුරන් දුත්තා , හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ වයි. අනුරුත්තනන් , යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, හින්දු සංවිධානවල නියෝජිතයෝ  ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.