2024 වර්ෂය සඳහා නව හජ් කමිටු සාමාජිකයින් පත්කිරීම සම්බන්ධ සාකච්ඡාව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ  ප්‍රධානත්වයෙන් බුද්ධශාසන අමාත්‍යංශයේදී පසුගියදා (12) පැවැත්විණි.

2023 වර්ෂය සඳහා පත්කළ හජ් කමිටුවේ නිලකාලය 2024.02.14 දින අවසන් වීමට නියමිත බැවින් නව හජ් කමිටුව පත් කර ගැනීම සඳහා මෙම සාකච්ඡාව සිදු කෙරිණි.

ඒ අනුව මෙවර හජ් කමිටුවේ සභාපති ලෙස ඉබ්‍රහිම් අන්සාර් මහතා පත් වූ  අතර මොහොමඩ් හනීෆ ඉෂාක් ,ඉෆාස් නබුහන්ම, නිබ්‍රාස් නසීර් සහ මිල්ෆර් කෆූර් සහ 

ඉසෙඩ්. ඒ. එම්. ෆයිසාල්  යන මහත්වරුන් 2024 හජ් කමිටු සාමාජිකයන් ලෙස පත් කෙරිණි.