ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ලෝක ප්‍රජාව අතර ප්‍රචලිත කිරීම හා ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර සංස්කෘතික අංග ශ්‍රී ලාංකික ප්‍රජාවගේ රසවින්දනය සඳහා යොමු කිරීම එමෙන්ම ජාත්‍යන්තර තාක්ෂණික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම මෙම අංශයේ වගකීමකි.

මේ වන විට අප අමාත්‍යංශය විසින් එළඹ ඇති අවබෝධතා ගිවිසුම් ගණන 49ක් වන අතර එයින් ස්වයංක්‍රීයව යාවත්කාලීන වන ගිවිසුම් ගණන 40 කි.අලුත් කිරීමට නියමිත ගිවිසුම් ගණන 09ක් වන අතර යෝජිත ගිවිසුම් ගණන 18 කි. අත්සන්කර ඇති ගිවිසුම්වලට ප්‍රකාරව දෙස් විදෙස් සංස්කෘතික හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක වන අතර විදේශ සංස්කෘතික සබඳතා අංශයේ ප්‍රධාන කාර්යයන් පහත පරිදි වේ.

  • ගරු අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ විදේශ සංචාර සංවිධානය කිරීම හා සම්බන්ධීකරණය කිරීම.
  • සංස්කෘතික කණ්ඩායම් විදේශයන් සමඟ හුවමාරු කර ගැනීම.
  • ස්පර්ශ හා අස්පර්ශ සංස්කෘතික ක්ෂේත්‍රයේ විශේෂඥයින් හුවමාරු කර ගැනීම.
  • විදේශීය සංස්කෘතික ප්‍රදර්ශන හා සැණකෙළි ශ්‍රී ලංකාවේ පැවැත්වීමේදී සහයෝගය දැක්වීම.
  • සංස්කෘතික ගිවිසුම් අත්සන් කර ඇති රටවල් සමඟ අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කිරීමට අදාලව කටයුතු කිරීම හා නව ගිවිසුම් ඇත් කිරීමට අදාල කටයුතු සිදු කිරීම.
  • UNESCO, SAARC, BIMSTEC, ICCROM වැනි ජාත්‍යන්තර සංවිධාන මගින් මෙහෙය වනු ලබන වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.
  • අන්තර්ජාතික රැස්වීම්, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදියට නිලධාරීන් සහ අවශ්‍ය අවස්ථාවලදී ශ්‍රී ලාංකික දූත පිරිස් සහභාගී කරවීමට අදාල සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම.
  • දැනට ක්‍රියාත්මක තත්වයේ ගිවිසුම් සහිත රටවල් සමඟ සංස්කෘතික කණ්ඩායම්, පුහුණු වැඩසටහන්, ප්‍රදර්ශන ආදිය සංවිධානය කිරීම හා සම්බන්ධීකරණය.
  • අන්තර්ජාතික සංස්කෘතික තරඟ පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු.
  • දැනට ක්‍රියාත්මක තත්වයේ ගිවිසුම් සහිත රටවල් සමඟ සංස්කෘතික කණ්ඩායම්, පුහුණු වැඩසටහන්, ප්‍රදර්ශන ආදිය සංවිධානය කිරීම හා සම්බන්ධීකරණය.

ඉහත කටයුතු වලට අමතරව සංස්කෘතික ගිවිසුම් අත්සන් කර ඇති රටවල් සමඟ අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කිරීමට අදාල කටයුතු කිරීම හා නව ගිවිසුම් ඇති කිරීමට අදාල කටයුතු සිදුකිරීම මෙම අංශය මගින් සිදුවේ. පහත සඳහන් රටවල් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත.

  • ඇෆ්ගනිස්ථානය
  • ඊජිප්තු අරාබි ජනරජය
  • බහරේනය
  • බෙලාරුස්කා
  • ම්බෝජය
  • ක්‍රොඒෂියාව
  • චෙකොස්ලොවැක් සමාජවාදී ජනරජය
  • ප්‍රංශ ජනරජය
  • ජර්මනිය
  • ජෝර්දානයේ හෂිමයිට් රාජධානිය
  • හංගේරියාව
  • ඉරාකය
  • ඉරාන ඉස්ලාමීය ජනරජය
  • තායිලන්ත රාජධානිය
  • ලාඕ
  • ලිබියාව
  • මැලේසියාව
  • මාලදිවයින
  • මොංගෝලියාව
  • නේපාලය
  • පකිස්ථානය
  • පලස්තීනය
  • බංග්ලාදේශයේ මහජන ජනරජය
  • මහජන චීන සමූහාණ්ඩුව
  • පෘතුගාලය (පෘතුගීසි ජනරජය)
  • බල්ගේරියාව ජනරජය
  • කියුබා ජනරජය
  • එස්තෝනියා ජනරජය
  • ඉන්දීය ජනරජය
  • ඉතාලි ජනරජය
  • කෙන්යා ජනරජය
  • සිංගප්පූරු ජනරජය
  • දකුණු අප්‍රිකා ජනරජය
  • පිලිපීන ජනරජය
  • රුමේනියාව
  • රුසියානු සමූහාණ්ඩුව
  • සවුදි අරාබිය
  • සීෂෙල්ස්
  • වියට්නාම් සමාජවාදී ජනරජය
  • දකුණු කොරියාව (කොරියාවේ ජනරජය)
  • ඊශ්‍රායල රාජ්‍යය
  • කුවේට් රාජ්‍යය
  • ඕමානයේ සුල්තාන්
  • ඉන්දුනීසියාවේ ජනරජය
  • කටාර් රාජ්යය
  • U.A.E
  • මියන්මාර සංගමය
  • දකුණු කොරියාව (කොරියාවේ ජනරජය)
  • ඊශ්‍රායල රාජ්‍යය