රාජ්‍ය ආයතනවල සේවයේ නිරත නිලධාරීන්ගේ නිර්මාණ හැකියාව ඔප් නැංවීම, ඇගැයීම සහ එම නිර්මාණ එළි දැක්වීමේ අවස්ථාව උදා කිරීම සහ එමගින්, රාජ්‍ය ආයතනවල සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය පවත්වනු ලබයි.

ඒ අනුව, සිංහල හා දෙමළ භාෂා මාධ්‍යවලින් ළමා කතා, පද්‍ය රචනා, ගීත රචනා, චිත්‍ර, කෙටිකතා, කෙටි චිත්‍රපට, ඡායාරූප සහ කෙටි නාට්‍ය යන අංශ යටතේ මෙම තරගාවලිය පැවැත්වේ. එම තරගාවලියට අදාළ චක්‍රලේඛය පහතින් දක්වා ඇත.