දැක්ම

තිරසර ලෙස සංවර්ධනය වූ ශ්‍රී ලංකාවක්.

මෙහෙවර

සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක උරුමයන් ස්ථානීය හා අස්ථානීය සංරක්ෂණය, චිත්‍රපටි, නාට්‍ය හා රංගකලාවන්, ස්පෘෂ්‍ය - අස්පෘෂ්‍ය උරුමය හා රාජ්‍ය ලේඛන සංරක්ෂණය කිරීම සහ ශ්‍රී ලාංකීය සංස්කෘතිකාංග සංරක්ෂණය, ප්‍රවර්ධනය හා ප්‍රචාරණය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සහ -වැඩසටහන් සකස් කර ක්‍රියාත්මක කිරීම.

අරමුණු

රටක සංස්කෘතිය, එම රටේ ජනතාව සුඛිත මුදිත කිරීම සඳහා හඳුන්වා දෙනු ලබන සියලු වැඩසටහන් වඩාත් ඵලදායී ලෙස සඵල කර ගැනීම සඳහා ඉවහල් වන ජනතා හැසිරීම මෙහෙය වන ප්‍රධාන මෙවලම ලෙස සලකා අරමුණු හඳුනාගෙන ඇත.</>

  • රටේ පොදු ජාතික සංවර්ධන ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීමට හේතුවන ආකාරයෙන් ජනතාව ස්වයංව මෙහෙයවන සාධනීය සංස්කෘතික පරිසරයක් රට තුළ ගොඩනැගීම.
  • ශ්‍රී ලාංකීය බහු ජාතිකත්වය පිළිගනිමින්, ඒ එක් එක් උප සංස්කෘතිවල අනන්‍යතාව ආරක්ෂා කරන අතරම සියලු උප සංස්කෘති එක්ව ගෙන ශ්‍රී ලාංකික වූ මහා සංස්කෘතියක් සහිත රටක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම සහ විවිධ බලවේග හරහා හානියට පත්වන සාධනීය සංස්කෘතිකාංග, එවැනි හානිවලින් වළක්වා ගැනීම.
  • සංස්කෘතික උරුමයන් සංරක්ෂණය, පවත්වාගෙන යාම සහ ප්‍රයෝජනයට ගැනීම මඟින් රටේ ජනතාවගේ ජීවිතයේ සංස්කෘතිකමය හැඩ ගැස්ම සකස්කර ගැනීමට මං සැලසීම.
  • සාධනීය සංස්කෘතිකාංග හඳුනා ගැනීමට හා ඒවා තම ජීවිතයට යාකර ගැනීමට ජනතාව පෙළඹවීම හා ඒ මඟින් ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති සංස්කෘතියක් ගොඩනැගීම.
  • සංස්කෘතික පරිහානියට හේතුවන බාහිර අභ්‍යන්තර සාධක හඳුනාගැනීමේ හා ඒවා නිශේධනය කිරීමේ ස්වයං ශක්තිය ජනතාවට ලබා දීම.
  • දේශාභිමානී චින්තනය පෙරටු කරගත් සංවර්ධන ඉලක්ක සපුරාලීමට සමත්, ස්වයං අභිප්‍රේරණිකවූත්, සාමූහිකවූත්, බලවේගයක් ලෙස සමාජය තුළ මුල් බැස ගැනීමට සැලැස්වීම.

ප්‍රධාන කාර්යයන්

  • සංස්කෘතික කටයුතු විෂයට සහ එම විෂය යටතේ අනුබද්ධිත දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන්ට සහ ඊට අදාළව ක්‍රියාත්මක කළයුතු නීති හා අණපනත්වලට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පසු විපරම සහ ඇගයීම
  • ශ්‍රී ලංකාවේ ජාතික සංස්කෘතියේ සියලු අංගයන් අභිවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
  • විදේශීය රටවල් සමඟ සංස්කෘතික සබඳතා පවත්වාගෙන යාම
  • සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක උරුමයන්ට හානි නොවන පරිදි සංස්කෘතිය පදනම් වූ සංචාරක වැඩසටහන් වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම
  • සිංහල විශ්වකෝෂය, සිංහල ශබ්දකෝෂය හා මහාවංශය සම්පාදනය සඳහා අඛණ්ඩව අවශ්‍ය පියවර ගැනීම
  • ජාතීන් අතර සහයෝගය ඇති කිරීමෙහි ලා සංස්කෘතිකමය දායකත්වය යොදවා ගැනීමේ ප්‍රවණතාවයන් හඳුනාගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
  • ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
  • නවීන හා සාම්ප්‍රදායික කලා නිර්මාණ ප්‍රවර්ධනය සහ කලා ශිල්පීන් දිරිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
  • නාට්‍ය, සංගීතය හා නර්තන ක්ෂේත්‍රයන්ගේ අභිවර්‍ධනයට අදාළ ක්‍රියාමාර්ග හඳුනාගෙන ක්‍රියාවට නැංවීම
  • රාජ්‍ය ලේඛන විධිමත්ව කළමනාකරණය හා සංරක්ෂණය කිරීම
  • සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව, ඇස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම, ජේ.ආර්.ජයවර්ධන මධ්‍යස්ථානය, මධ්‍යම සංස්කෘතික අරමුදල යන ආයතනයන්ට පැවරී ඇති සියලුම විෂයයන්ට අදාළ කටයුතු අධීක්ෂණය කිරීම